Wednesday, October 30, 2013

සිහින කිරිල්ලියක් ඇවිත්

සිහිනය කියලා කියන්නෙ හරිම සුන්දර දෙයක්. ඇස් ඇරගෙන දකින හීන වල රැඳිලා තියෙන්නෙ කවදා හරි ජීවිතේ ඉටු කරන්න බලාපොරොත්තු වෙන පැතුම්.
ඇස් පියාගෙන දකින සිහින වල හුඟක් රැඳිලා තියෙන්නෙ ඉටු නොවෙන බවට සංකාව දැනෙන පැතුම්.
ඉතින් කොහොමද වැඩියෙන් වටින්නෙ සිහිනද පැතුම් ද කියලා කෙනෙක් තෝරාගන්නෙ.

පෙනෙනා නිසා අඳුරේ පවා
සිහිනේ වටී පැතුමට වඩා..

මට ඇහුණා එහෙම හරි අපූරු සිංදුවක් කවුරුදෝ මන්දා කියනවා. මගේ ජීවිතේ වැඩිපුර ප්‍රාර්ථනා සිහිනම වුණ හින්දා..මම ලියන්නෙ සිහින. ඉතිං ඒ හින්දා මම සිහින කිරිල්ලියක්. තටු සවිමත් වුණත් නිල් අහස දකිද්දිත්
තවමත් පියාඹන්න බයේ ගැහෙන හරි අපූරු කිරිල්ලියක්.

මම ලස්සන හීන දකිනවා. ඒ හින කප්පරක් මෙතන ලියනවා. පුළුවන් ඒ හීන අල්ලගන්න. අඩුම තරමේ ආදරේ කරන්න බැරි නම් පෑගෙන්නෙ නැති තැනකට මගේ සිහින විසිකරන්න. ඒවායෙ මුවරද සලන පැතුම් මල් කෝටියක් මේ කල්පයෙදි බැරි නම් ඊළඟ කල්පයෙදි හරි මගේ වෙන්න පෙරුම් පුරන නිසා..!!